Sinhala Classics
මී අඹ වනයේ ගී හඬ පතුරා
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට
සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
බඳ වට සුදු ඔසරිය පටලාමී අඹ වනයේ ගී හඬ පතුරා
කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද
ඔය හැටි හිනැහෙන්නේ
කොහොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන හින්දද
ඇස් දෙක නළවන්නේ
මොනවද හිමිහිට මුමුණනවා
හදවත රිදුමද නවතිනවා
මොහොතින් යළි නොපෙනී යනවා
මල් පොකුරක් ඔබේ අත තබලා
ළඟදීම මනමාලිය කරලා
ගෙන යන්නෙමි ඔබ මගේ කියලා