Sinhala Classics
සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ
ගත වෙහෙසා මම යහනට ආ විට
පැහැදිලි නැති එක රුවක් ඇතේසිහින ගෙනෙන ඔබ
අලුත් සිහිනයක් මට නැතිදෝ
සුපුරුදු එක සිහිනයම දැකලා
සිතේ සතුට මගේ ඈත් මැකිලා
දෙනෙත් වැසී යයි නොදැනීම මාහට
සිසිලක් දැනේ මට ඒ මොහොතේ
සුපුරුදු සිහිනය පෙනෙයි සිතේ
සිහිනයෙන් දැකුමට පැතුම් සිතේ
සිහිනයෙන් ඒ රුව දැක ගන්න
මටත් වරක් අවසර දෙන්න