Sinhala Classics
පියුමෙහි පැණි බොති වන බඹරෝ
කුසගිනි හැදුනට ඉඳුල් නොකව්
ගැයුවට ඉමිහිරි පද උපුටාපියුමෙහි පැණි බොති වන බඹරෝ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු
තණ කොළ නුබුදිති සිංහ පැටව්
හොඳ මල් නොපිපේ ගිරි මුදුනේ
ගව තෙල් නොදමති රන් බඳුනේ
කොවුලෙකු වෙනවද කළු කපුටා
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳිති ගිරවියගෙ කරේ