Sinhala Classics
කිමද සුමිහිරියේ - මේ අරුමේ - මහද පිබිදෙන්නේ
සෙවණැල්ල වගේ ඔබ එන විලසේ
හැම උදේම තනියම මෙසේ
කෙහෙරැල්ල වැටී නළලට සිරසේ
දුටු වහාම හදවත ඔබේකිමද සුමිහිරියේ
ඔබගේ දෑසේ - නැඟෙන කැලුමේ - රහස නැත දන්නේ
මට දැනේ නිතර රහසේ
මුදු තොල් පොපිපා කිසිවක් නොකියා
ඇයි යන්නේ පැන විගසේ
ප්‍රිය ළඳේ ඔබව හමුවේ
කල්පනාව පෙම්බර, හිනාව පින්බර
මගේ හිතට සුවදේ
සිරි වැඬේ බොළඳ මුහුණේ
වන මල් පිපිලා, බරවී නැමිලා
ලංවෙන්නේ ඇයි මැණිකේ
දුක නැසී සතුට ඇති වේ
ඔබ ගියේ බලන් ඉඳන්, අගේ කරන්නද
කියන්න සුරතලියේ