Sinhala Classics
පුන් සඳ හිනැහෙන්නේ - වන මල් පිබිදෙන්නේ
වසන්ත සමයේ දී ඔබ ළඟ ඉඳගෙන මිහිරට කවි කියමි
නිල්දිය බැස යන ගඟාවේ මම ඔබ හා ඔරු පදිමි
පුන්සඳ හිනැහෙන්නේ - වන මල් පිබිදෙන්නේපුන්සඳ හිනැහෙන්නේ
ලස්සන ඔබේ මුහුණේ දැක්කමු නොවැ මැණිකේ
කොයිබද ඔබ යන්නේ - මේ උදේම අපෙ ලන්දේ
මගේ පැල්පත පැත්තේ - ඔබ සම්පත් ගෙන එන්නේ
සමන් කැකුළු මල් පොකුරක් අරගෙන - ඔබේ හිසේ ගසමි
ඔබ නිදියන තුරු පැළ තුළ ඉඳගෙන මිහිරට කවි කියමි
උදය සවස මම ඔබේ පා යුග හිමියනි සැමදා වඳිමි
සඳ ඇති කාලෙට ඔබේ සුදු අත ගෙන ගංතෙර වෙත දුවමි
පළතුරු යුෂ ගෙන මී පැණි දවටා - රසකර එය පොවමි
කුඹුරට යන්නට පෙර බත් ඇඹුල ද සාදා ඔබට දෙමි
නිල් දිය බැස යන්නේ - ආසිරි පුද දෙන්නේ
මොනරුන් රඟ දෙවන්නේ - පොඩි කුරුල්ලන් නද දෙන්නේ
අප දෙස බලමින්නේ - උන් හැම දෙන සැනසෙන්නේ